Face Book Page

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts

Powered by Blogger.

හෝකන්දර, හොරහේන ප‍්‍රදේශයේදී පසුගියදා සිදුවු ගුවන් අනතුරෙන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි ගුවන් හමුදා සෙබළා මිය ගොස් තිබෙනවා. බරපතල පිලිස්සුම් තුවාල සහිතව දැඩිසත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ රාත‍්‍රීයේ ඔහු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව සදහන්. මෙම අනතුර හේතුවෙන් ඔහුව රෝහලට ඇතුලත්කිරීමෙන් පසු සැත්කම් කිහිපයකටද භාජනය කෙරුණා. මිය ගිය සෙබළා ගුවන්භට   ජී.කේ.එන්. චතුරංග නැමැත්තෙකි. පසුගිය දොළොස්වනදා පෙරවරුවේ සිදුවු මෙම අනතුරින්  එම ගුවන් යානයේ ප‍්‍රධාන ගුවන් නියමුවා සහ සහායක නියමුවා ඇතුළු නිලධාරීන් සිව් දෙනෙකු අනතුර සිදු වු අවස්ථාවේදීම මිය ගියා.

0 comments

Post a Comment